කොරෝනා වෛරසයෙන් මියගිය සිය සැමියාගේ දේහය සමග නිවසේ ජිවත් වන කාන්තාව

63

කොරෝනා වෛරසය හේතුවෙන් ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයෙකුගේ දේහයත් සමග ජිවත්වන කාන්තාවක් ගැන පුවතක් ඉතාලියෙන් වාර්තා වනවා.

මෙම සිදුවීම වාර්තා වන ඉතාලියේ, Borghetto Santo Spirito ප්‍රදේශයේ නගරාධිපතිවරයා කියා සිටියේ නිරෝධාන ක්‍රියාවලිය හේතුවෙන් එම දේහය මේ දක්වා ඉවත් කිරිමට හැකියාවක් නොමැති වී ඇති බවයි.

කොරෝනා වෛරසය ආසාධනය වූ මෙම පුද්ගලයා රෝහල් ගතවීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ හේතුවෙන් ඔහු තමන් ජිවත් වන මහල් නිවසේම සිය බිරිඳ සමග ජිවත්ව සිට තිබෙනවා. කෙසේ හෝ කොරෝනා වෛරසය වැලදී සිටි ස්වාමි පුරුෂයා ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඔහුගේ බිරිඳ ඒ සම්බන්ධයෙන් නගරයේ සෞඛ්‍ය බලධාරින්ට දැනුම් දී තිබෙනවා.

ස්වාමි පුරුෂයා මියගිය ශෝකයෙන් පසුවන එම කාන්තාව සැනසීමට හෝ ඇයගේ ආසන්නයට යාමට අසල්වැසියන්ට හෝ ඔවුන්ගේ ඥාතින්ට මේ දක්වා හැකියාවක් ලැබී නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

පවතින නීති හේතුවෙන් මේ දක්වා පැය ගණනාවක් එම කාන්තාවට සිය ස්වාමිපුරුෂයාගේ දේහය නිවසින් ඉවතට ගැනීමට හැකියාවක් ලැබී නොමැති බවයි ඉතාලි මාධ්‍ය වාර්තා කර සිටියේ.