නිතර නිදිමත බව හෝ හදිසි නින්දට බලපාන හේතු

34

වර්තමානයේ බොහෝ තරුණ තරුණියන් අතර නිතර නිදිමත බවක් දක්නට ලැබෙනවා කිව්වොත් කවුරුත් ඒකට විරුද්ධ වෙන එකක් නෑ. මොකද ඇත්ත ඒක තමයි. මේ කියන නිදිමත බව නිසා අලසකම සහ අමතකවීම, අතපසුවීම වැනිදෑ ද සිදු වෙනවා.

ඇතැම් පාසල් වයසේ දරුවන් අතරද මෙවැනි තත්ත්වයන් නිරීක්ෂණය වෙනවා.

මෙම නින්ද සාමාන්‍යයෙන් ඇතිවන නින්දක් නොවේ. ඒ සඳහා හේතු රාශියක් බලපානවා. ඉන් ප‍්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ සිරුරේ පවතින රෝගාබාධයි.

මේ අතර නින්ද එතරම් අවශ්‍ය නැතිගානට ඉන්න පිරිසකුත් ඉන්නවා. තවත් පිරිසකට කුකුල් නින්ද අවශ්‍යයි. (කුකුල් නින්ද යනු විනාඩි කිහිපයක නින්දකි.)

මෙය ඔවුනට දවසේ අවස්ථා කිහිපයකදී අවශ්‍ය වෙයි. දිවා ආහාරයෙන් පසු විනාඩි දහයක් පමණ, සවස තේ පානයෙන් පසු විනාඩි කිහිපයක් ලෙසිනි.

මේ අතර higirls.lk කතා කරන්නේ වර්තමානයේ එක් පිරිසක් නිතර අවශ්‍ය වන හදිසි නින්ද ගැනයි.

වර්තමානයේ බොහෝ තරුණ තරුණියන් මෙන්ම වැඩිහිටියන්ටද මෙම හදිසි නින්ද නැතිනම් නිදිමත බව ඇති වෙයි. මෙම නින්ද සාමාන්‍යයෙන් ඇතිවන නින්දක් නොවේ. ඒ සඳහා හේතු රාශියක් බලපානවා. ඉන් ප‍්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ සිරුරේ පවතින රෝගාබාධයි. දියවැඩියාව, හෝමෝනවල හටගත් අසාමාන්‍යතා සහ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම ඉන් ප‍්‍රධාන තැනක් ගන්නවා.

දියවැඩියාව නිසා හටගන්නා හදිසි නිදිමත බොහෝවිට මතුවන්නේ ආහාරගත් පසුයි. දිවා ආහාරය ගැනීමෙන් පසු ඇතැම් අයට තද නිදිමතක් මතු වෙයි. ඊට බලපාන්නේ දියවැඩියාවයි. එනිසා එවැනි අය තම රුධිර සීනි පරීක්ෂාවක් සිදුකර ගැනීම වඩාත් සුදුසුයි.

හෝමෝනවල හටගත් අසාමාන්‍යතා නිසා ඇතිවන හදිසි නින්ද බහුලව දැකිය හැක්කේ කාන්තාවන් අතරයි. විශේෂයෙන්ම සිරුරේ බර වැඩි කාන්තාවන් මේ පිළිබඳව වඩාත් අවධානය යොමු කළ යුතුයි. මෙවැනි කාන්තාවනගේ තරබාරුවට අමතරම බෙල්ල කළුවීම. මුහුණේ රෝම හටගැනීම වැනි ලක්ෂණත් දැකිය හැකියි.

මත්ද්‍රව්‍ය භාවිත කිරීම නිසා ඇතිවන හදිසි නින්ද වර්තමානයේ බහුලවම දැකියහැකි බරපතළ තත්ත්වයකි. වයස අවුරුදු 20 වැනි වියේ සිට වයස අවුරුදු 40 පමණ දක්වා වූ කාන්තාවෝ වර්තමානයේ නොයෙකුත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටින බව වර්තමානයේ එළිදැක්වෙන විවිධ වාර්තා පෙන්වා දෙනවා. විශේෂයෙන්ම ස්නායු ආබාධ, වකුගඩු රෝග සහ දියවැඩියාව ඇතිවීමට එය කෙළින්ම බලපායි.

මෙලෙස මත්ද්‍රව්‍ය ගැනීම නිසා ඔවුන් නිතරම සිටින්නේ අඩ නින්දේයි. ඊට බලපා ඇත්තේ ඔවුන් ගනු ලැබූ මත්ද්‍රව්‍ය නිසා ස්නායු අඩපණ වීමෙන් මත් බවින් සිටීමයි. ඔවුන් තුළ අලස බව වැනි ලක්ෂණද දැකගත හැකියි.

එහෙනම් මේ ආකාරයේ හදිසි නින්ද හෝ නිදිමත බව පාලනය කිරීමට නම් ඊට බලපාන රෝග තත්ත්වයන් පාලනය කල යුතුයි.

හෝමෝන අසමතුලිතතා ඇත්නම් ඒ සඳහා නිසි ඖෂධ වෛද්‍ය උපදෙස් මත ගතයුතුයි. මෙවැනි රෝගීන්ට කවුපි, මුංඇට, රටකජු, නීරමුල්ලිය වැනි ආහාර දිනපතා ආහාරයට එක් කර ගත යුතුයි.