කොරෝනා වෛරසය වේගයෙන් පැතිරිය හැකි ස්ථානයක් හඳුනාගනී

95

දහඩිය හා තෙතමනය හේතුවෙන් විෂබීජ පැතිරීම ඉහළ නැංවීම නිසා ව්‍යායාම මධ්‍යස්ථානවල නව කොරෝන වෛසරය හෙවත් COVID-19 වෙත ගොඳුරුවීමේ වැඩි අවධානමක් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ස්කයි නිව්ස් වාර්තා කරන්නේ ව්‍යායාම් මධ්‍යස්ථාන ඔස්සේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ වැඩි අවධානමක් ඇති බව වෛද්‍යවරුන් අනතුරු අඟවන බවයි.

ව්‍යායාම් කිරීමේදී මිනිස් සිරුරෙන් පිටවන දහදිය සහ සෙම් සොටු බහුල වශයෙන් ව්‍යායාම් මධ්‍යස්ථාන තුල පවතින බවත් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

යම් කොරෝනා ආසධිතයෙක් ඔහු රෝගයට ලක්ව සිටියදී නොදැනුවත්කමින් ව්‍යායාම් මධ්‍යස්ථානයක් පරිහරණය කිරීමෙන් අනෙක් පුද්ගලයින්ට ඒ හරහා වෛරසය සම්ප්‍රේෂණය වීමේ දැඩි අවධානමක් ඇති බවයි වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ.