වාහනයක් උස්සන්න ගිය සීසර්ලාට ප්‍රහාරයක් – අයෙකු මරු දකියි

75

මාසික වාරික ගෙවීම පැහැර හැරීම හේතුවෙන් කුඩා ලොරි රථයක් බලහත්කාරයෙන් පැහැරගෙන යෑමට පැමිණි සීසර් පිරිසේ පස් දෙනකුට නිවසේ සිටි පිරිසක් පහරදීමෙන් එක් සීසර්වරයෙකු සිදුවීමක් මාරවිලින් වාර්තා වනවා.

මාරවිල හල්පන්විල ප්‍රදේශයේ පිහිටි මෙම නිවසට පැමිණි වාහන පැහැරගෙන යන පිරිස හා නිවැසියන් අතර සිදුවූ බහින් බස්වීමකින් පසුව මෙම පහරදීම සිදුවී ඇතැයි සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ලොරි රථයේ අයිතිකාර පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මියගොස් ඇත්තේ වෙන්නප්පුව, සිරිගම්පල පදිංචිව සිටි හපන් පේඩිගේ සුදත් ප්‍රසන්න (45) නමැති විවාහකයෙකි.

මොහු ලීසිං සමාගමක වාරික නොගෙවන වාහන අත්පත් කරදෙන සීස් කණඩායමක දාමරිකයෙකු බවද පොලිසිය පවසනවා.

මාරවිල පොලිස් වසමට අයත් හාල්පන්විල ප්‍රදේශයේ අයකු විසින් ගෙවීමේ ක්‍රමයට ලබාගත් (ලීසිං) කුඩා ලොරි රථයක මාසික වාරික ගෙවීම පැහැර හැරිම කියමින් හලාවත ප්‍රදේශයේ ලීසිං සමාගමක වාහන සීසර්වරුන් පස් දෙනකු ඊයේ (05) උදේ 10.00ට පමණ එම ලොරි රථය රැගෙන යාමට වෑන් රථයකින් පැමිණ ඇතැයි පොලිසිය සඳහන් කළා.

මේ අවස්ථාවේ ලොරි රථය රැගෙන යාමට පැමිණි සීසර්වරුන් සහ එහි අයිතිකරු අතර බහින්බස්වීමක් සිදුවී එය පහරදීමක් දක්වා දුරදිග ගොස් ඇති බවට තොරතුරු පොලිසියට ලැබී තිබෙනවා.